ෆින්ලන්තයේ අස්වැන්න වර්ශයේ අවසන සනිටුහන් කෙරෙන මංගල්‍යය - Mikkelinpäivä - End of Harvesting Year in Our Finnish Village
අද උදෑසන අපි අපගේ නිවසින් පිටත් වනවිටත් පෙරදා රාත්‍රියේ වට වැස්සෙන් අවට රයි කෙත්වල තැම්බෙමින් තිබූ පිදුරුවල සුවඳ තදින් අවට හමමින් තිබුනි.අප්පච්චි විසින් මීට නොබෝදිනකට පෙර අපේ රයි කෙත අස්වෑන්න නෙලීමෙන් පසු පිදුරු එකතුකර මිටි බැඳ තිබුණ අතර සරත් සෘතුවේ මුල් හිරු එළියෙන් ඒ පිදුරු සුදුමැලි වී බැබළුනි.මේ අවුරුද්දේ අපගේ අස්වැන්න හොඳ යැයි අප්පච්චි පැවසුවේය.කෙතේ වැඩ නිසා අපේ කොඳු රිදෙමින් අත් රළු වන නමුත්, අද අපි ගමේ චතුරශ්‍රය දෙසට ඇවිද යනවිට අපි සියල්ලන්ගේම පියවරේ සැහැල්ලුවක් ගැබ්ව තිබුණි.අද මික්කෙලින්පයිවා - Mikkelinpäivä, එනම් අපේ ගමේ අස්වැන්න වර්ශය අවසානය සනිටුහන් කරන මංගල්‍යය පැවැත්වෙන දවසයි.අපි වැනි ළමයින්ට ඒ ගැන කිවූ විගසින් මතක් වන්නේ සිනහව, සංගීතය සහ කෑමට පැණිරස බනිස් ලැබෙන පොරොන්දුවයි. අම්මා ගමන් කරන අතරතුර කුඩා අන්නාගේ අත අල්ලාගෙන සිටියාය.මත්ති සුළඟේ කැරකෙන කහ පැහැති බර්ච් පත්‍රයක් පසුපස හඹා යමින් ඉදිරියට දිව ගියේය. "මත්ති...ඉන්න!" මම ඔහුට හඬනගා කිව්වේ රළු බොරළු ඇති අසමාන පාරේ ඔහුගේ පය පැකිළෙතැයි යන බියෙනි.ඔහු මට සිනාසෙමින් අත වනමින් නොනවත්වා දිවගිය අතර , ඔහුගේ තොප්පිය ඔසොව...