සුපිරිසිදු ෆින්ලන්තයක් වෙනුවෙන් RRR සංකල්පය ක්‍රියාවට නංවා ඇති අයුරු Clean Finland - How Finland Implemented the RRR Concept
ලෝකයේ පිරිසිදුම හා හරිත පැහැ රටවල් ගැන කතා කරන විට, ෆින්ලන්තය බොහෝ දෙනාගේ මතකයට එනවා.නමුත් එය සැබවින්ම විශේෂ වන්නේ තමන්ගේ අපද්‍රව්‍ය කළමනාකරණය කරගැනීම සඳහා මුළු ෆින්ලන්ත ජාතියම “RRR” මූලධර්මය - එනම් Reduce - අඩු කරන්න, Reuse - නැවත භාවිතා කරන්න, Recycle - ප්‍රතිචක්‍රීකරණය කරන්න - යන සංකල්පය එදිනෙදා පුරුද්දක් බවට පත් කර ඇති ආකාරය අනුවයි.එය ෆින්ලන්තයේ තේමා පාඨයකට සීමාවූවක් නොවේ.එය නිවාස, පාසල්, කාර්යාල සහ වීදිවල පවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන දෙයක්ද වනවා.
දශක ගණනාවකට පෙර ෆින්ලන්තය අපද්‍රව්‍ය යනු කුණු කසළ පමණක් නොව සම්පතක් ද බව වටහා ගත් විට මේ ගමන ආරම්භ වුනා.මෙහි පළමු පියවර වූයේ Reduce එනම් අඩු කිරීමයි. කඩ සාප්පු ප්ලාස්ටික් බෑග් සඳහා මුදල් අය කිරීමට පටන් ගත් අතර, එමගින් මිනිසුන් බඩුගෙන යෑමට එනවිට තමන්ගේම කියා රෙදි බෑග් රැගෙන යාමට දිරිමත් කළා.අපද්‍රව්‍ය අවම කරගැනීම සඳහා අවන්හල්වල ආහාර මෙනුපත් , ආහාර පාවිච්චි කරන ප්‍රමාණ අනුව ප්‍රවේශමෙන් සැලසුම් කරන ලද්දා.කර්මාන්තශාලා පවා අඩු අමුද්‍රව්‍ය සහ ශක්තිය භාවිතා කිරීම සඳහා ඔවුන්ගේ ක්‍රියාවලීන් නැවත සැලසුම් කළා.භාවිතා කිරීමේ සංස්කෘතිය සෙමෙන් “අඩු නම් වැඩි - Less is more” අගය කිරීම දෙසට මාරු වෙන්නට කෙමෙන් කෙමෙන් පටන්ගත්තා.
ඊළඟට Reuse - නැවත භාවිතා කිරීම පැමිණියා.ෆින්ලන්තයේ, භාවිතා කළ සාප්පු - Second hand shops වෙළඳපොළ ජනප්‍රිය වන්නේ මිනිසුන් දුප්පත් නිසා නොව, මිනිසුන් දක්ෂ සහ බොරු අභිමානයක් නොමැති නිසායි.වෙනත් කෙනෙකුට තවමත් එය භාවිතා කළ හැකි විට පුටුවක්, ජැකට් එකක් හෝ සෙල්ලම් බඩුවක් අනවශ්‍ය යැයි ඉවත දමන්නේ ඇයි? ෆින්ලන්තයේ සෑම දෙනාම පාහේ තමන්ට අනවශ්‍ය එහෙත් තවමත් භාවිතාකල හැකි භාණ්ඩ සහ ඇඳුම් ඇතුළු සියළුම දේ ඒවා අවශ්‍ය පුද්ගලයන්ට හෝ ඒවා රැස්කරන ආයතනවලට පරිත්‍යාග කරනවා.
රටපුරා ඇති පුස්තකාල වලින් අවශ්‍ය උපකරණ , මෙවලම් ඇතුළු බෙදාගැනීමේ සේවා පොදු වේ සියල්ලන්ටම ලබාගත හැකියි.විශ්ව විද්‍යාල සහ පාසල් ද පොත් බෙදා ගැනීමට සහ පරිත්‍යාග කිරීමට සිසුන් දිරිමත් කරනවා.මෙමගින් "මම ගත්ත මේ දෙය, කලින් වෙන කෙනෙක් භාවිතා කල එකක් " යැයි පැවසීම විලාසිතාවක් බවට පත් වුනා.ෆින්ලන්තයේ නැවත භාවිතා කිරීම හිඟයක හෝ මදිකමක ලකුණක් නොවෙයි.එය සමාජය පිලිබඳ වගකීමේ ලකුණක් වනවා.
මෙම සංකල්පයේ තුන්වන කුළුණ වන Recycle - ප්‍රතිචක්‍රීකරණය, කියන්නේ ෆින්ලන්තය වඩාත් බැබළෙන කාරණයයි.සෑම නිවසකම පාහේ ප්ලාස්ටික්, කඩදාසි, වීදුරු, ලෝහ සහ ජෛව අපද්‍රව්‍ය සඳහා වෙනම කසල බඳුන් තබා තිබෙනවා.ඒ වගේම උද්‍යාන මංමාවත් බස් නැවතුම් ඇතුළු අවට පරිසරයේත් සෑම තැනකම ප්‍රමාණවත් තරම් වැසීමට හැකි කසල බඳුන් තබා තිබෙනවා.එම කසල බඳුන් දිනපතා හෝ සතිපතා කසල එක් රැස්කරන වාහන මගින් එකතු කරනු ලබනවා.
බෝතල් සහ කෑන් සඳහා ඒවා මිලදීගැනීමේදී ගන්නා තැන්පතු ආපසු ගෙවීමේ පද්ධතියක් පිහිටුවා තිබෙනවා.ඔබ ඒවා ආපසු බාර ලබා දෙන විට, ඔබට මුදල් ආපසු ලබාගත හැකියි. මෙම සරල අදහස ෆින්ලන්තය පාන බහාලුම් - Beverage containers ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ලෝක ප්‍රමුඛයෙකු බවට පත් කිරීමට සමත් වෙලා තිබෙනවා.
නගර සභා මෙවැනි ස්වයංක්‍රීය ස්මාර්ට් එකතු කිරීමේ පද්ධති සඳහා මුදල් ආයෝජනය කර ඇති අතර, කර්මාන්ත අපද්‍රව්‍ය සහ එකතුකරන මිශ්‍ර අපද්‍රව්‍ය දැවීම මගින් අවශ්‍ය බලශක්තිය නිපදවීම හෝ වෙනත් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බවට පත් කිරීම සඳහා නව තාක්ෂණයන් සංවර්ධනය කර තිබෙනවා.නිවාස වලින් ලැබෙන ආහාර අපද්‍රව්‍ය වලින් පවා කාබනික පොහොර සහ එහි අතුරුඵලයක් ලෙස ජීව වායුව - Bio Gas පවා නිපදවනවා.
මේ කටයුතු සියල්ලේම ප්‍රතිඵල ඉතා ආකර්ෂණීය වී තිබෙනවා.ෆින්ලන්තය අපද්‍රව්‍ය මගින් ඉඩම් ගොඩකිරීමේ ප්‍රමාණය ශුන්‍යයට ආසන්න ප්‍රමාණයකට අඩු කිරීමට සමත් වී තියෙන අතර පාන බහාලුම්වලින් 90% කට වඩා ආපසු ලබා දීම ප්‍රතිචක්‍රීකරණය කරනු ලබනවා. ප්‍රතිචක්‍රීකරණය, අලුත්වැඩියාව සහ හරිත තාක්‍ෂණය තුළ ආර්ථිකයට සවියක් වන නව රැකියා නිර්මාණය වී තිබෙනවා.
තම දරුවන් නිවසේදී අපද්‍රව්‍ය නිවැරදිව වර්ග කිරීමට මතක් කරන විට දෙමව්පියන්ට ආඩම්බරයක් දැනෙනවා.පාසල් පාරිසරික අධ්‍යාපනය එදිනෙදා ඉගෙනීමේ කොටසක් බවට පත් කර ඇති බැවින්, ඊළඟ පරම්පරාව ස්වභාවිකවම RRR සංකල්පීය මානසිකත්වය සමඟ වැඩෙනවා.
සමහර විට වඩාත්ම සිත්ගන්නා කරුණ නම් RRR සංකල්පය සහ සංස්කෘතිය ෆින්ලන්ත අනන්‍යතාවය හැඩගස්වා ඇති ආකාරයයි. මිනිසුන් අපද්‍රව්‍ය කළමනාකරණය දකින්නේ කම්මැලි රාජකාරියක් ලෙස නොව, ප්‍රජාව ලෙස ගතයුතු උත්සාහයක් ලෙසයි. බෝතල් ආපසු ලබා දීම, භාවිතා කල ගෘහභාණ්ඩ , උපකරණ සහ හොඳ ඇඳුම් තමන්ට අනවශ්‍යනම් පරිත්‍යාග කිරීම සහ පැරණි උපකරණ අලුත්වැඩියා කර නැවත භාවිතය සාමාන්‍ය, විනෝදජනක, ජීවිතයේ කොටසක් බවට පත්ව තිබෙනවා.ෆින්ලන්තය ලොව ප්‍රසිද්ධ වී ඇති පිරිසිදු පරිසරය, නැවුම් වාතය සහ ජල මූලාශ්‍ර සහ පරිසරයේ සුන්දර ස්වභාවය කියන්නේ අහම්බයන් නොවෙයි.ඒවා දිගු, සාමූහික කැපවීමක ප්‍රතිඵලයක් වනවා.
ෆින්ලන්තයේ සාර්ථකත්ව කතාවෙන් පෙන්නුම් කරන්නේ විශාල වෙනස්කම් කුඩා ක්‍රියාවන්ගෙන් ආරම්භ වන බවයි. භාවිතා කරන ලද උපකරණයක් හෝ බෝතලයක් ආපසු ලබා දීම, ඉතිරි කරන ලද ආහාර වේලක් යන කුඩා සංකල්ප මිලියන සංඛ්‍යාත ජනතාවකින් ගුණ කිරීමෙන් ජාතියක් පරිවර්තනය කළ හැකි බවට හොඳම උදාහරණය ෆින්ලන්තයයි.
මේ කතාවේ හොඳම කොටස නම් අපද්‍රව්‍ය කළමනාකරණයේදී අනුගමනනය කල ෆින්ලන්ත ආකෘතිය ඕනෑම රටකට එය අනුවර්තනය කරගත හැකි තරම් සරල වීමයි.එයට ඇත්‍තටම අවශ්‍ය වන්නේ සමාජ දැනුවත්භාවය, මිනිසුන්ගේ කණ්ඩායම් හැඟීම සහ අනාගතය සහ තමා අවට පරිසරය ගැන සැලකිලිමත් වීමට ඇති කැමැත්ත පමණයි.
Kiitos ☺

Comments
Post a Comment