Posts

Showing posts from August, 2025

රසයෙන් මෙන්ම සුවඳින්ද අගතැන්පත් වූ ෆින්ලන්තයේ පලානෙලීම - A Basket of Green Wild Herbs from the Finnish Countryside

Image
 අද දින උදෑසන අපි නිවසින් එළියට බසිනවිටත් මීදුම කෙත්වලට ඉහළින් පාවෙමින් තිබුනි.තෙත් පිදුරු සුවඳ සහ මංතීරුව දිගේ ඉදෙමින් තිබූ රෝවන් බෙරි වල සියුම් මිහිරි සුවඳ සමඟ වාතය බර වී ඇති බවක් දැනුනි.ෆින්ලන්තයේ කෙටි ගිම්හානය නිමවී සරත් සමය දෙසට නැඹුරුවන කාලය මෙය බව අම්මා පැවසුවාය.මේ කාලයට අපි සෙමින් ඇවිදින අතරතුර හොඳින් ඇස් ඇර බලන්නේ නම් වනාන්තරය සහ කෙත්වතු එහි පොහොසත්ම තෑගි අපහට ලබාදීමට සැදීපැහැදී සිටින බව ඕනෑම කෙනෙකුට දැකගත හැකියි. අප අද අම්මා සමග මේ යන්නේ අපගේ ආහාරයට අවශ්‍ය පලා නෙලීමටයි.මම අම්මා විසින් නිවසේදී බර්ච් පොතු මගින් වියා සාදන ලද කූඩයක් රැගෙන ගිය අතර, මගේ කුඩා නැගණිය අන්නා ඇගේ ගොතන ලද කොණ්ඩ කරල් පද්දමින් මා අසලින් ඉදිරියට ඇදුනාය.අම්මා ඇගේ ස්කාෆ් ලේන්සුව ඇගේ නිකට යටින් පිළිවෙලට බැඳගෙන අප සමග ආ අතර මං පෙත අවට උස් තණකොළ මත පිනි බිඳු උදෑසන හිරු එලියෙන් දිලිසෙමින් තිබුනි.හිරු,  මීදුම හරහා දැල්වෙන එළි පන්දමක් මෙන් තණබිම රන් හා රිදී පැහැයෙන් වර්ණවත් ලෙස පින්තාරු කළේය. අපි අපගේ ගොවිපලේ පිහිටි නිවස පිටුපස බර්ච් වනාන්තරයට යන මග ඔස්සේ පියනැගුවෙමු.බර්ච් ගස්වල පත්‍ර දාර සුදුමැලි වීමට පටන...

ෆින්ලන්ත ස්වභාව දිනයේදී තරු පිරි අහස යට රැයක් - Sleeping Under the Stars on Finnish Nature Day Suomen luonnon päivä

Image
ඊයේ දිනයේ ෆින්ලන්ත ස්වභාව දිනය - Finnish Nature Day හෙවත් Suomen luonnon päivä සමරනු ලැබුවා.2013 වසරේ සිට සෑම වසරකම අගෝස්තු මාසයේ අවසාන සෙනසුරාදා එය සමරනු ලබනවා.ෆින්ලන්තය ස්වාධීන රාජ්‍යයක් වී වසර සියයක් ගත වූ 2017 වසරේ සිට එය නිල ධජ දිනයක් ද වන අතර, ස්වභාවධර්මයට ගෞරවයක් වශයෙන් රට පුරා නිල්-සුදු වර්ණයෙන් යුත් ෆින්ලන්ත ධජය ආඩම්බරයෙන් ඔසවනු ලබනවා.වනාන්තර, විල් සහ පිරිසිදු වාතය සඳහා කැප වූ මෙවැනි ධජ දිනයක් ලොවේ වෙනත් කොතැනකවත් නැහැ.එයම ස්වභාවධර්මය ෆින්ලන්ත අනන්‍යතාවයට කෙතරම් ගැඹුරින් බැඳී ඇත්දැයි පෙන්නුම් කරනවා. ෆින්ලන්තය බොහෝ විට "විල් දහසේ දේශය - Land of Thousand Lakes" යන අන්වර්ථ නාමයෙන් ලොව පුරා හැඳින්වෙන නමුත් සත්‍ය වශයෙන්ම, ෆින්ලන්තයේ විල් 180,000 ක් පමණ තිබෙනවා.සෑම ගමකම, ලොකු හෝ කුඩා නගරයකටම ආසන්නයේ විල් ජලය සුලබ දසුනක්.ෆින්ලන්තයේ බොහෝ පවුල්වලට විලක් අසල ලීයෙන් තැනූ කුඩා කුටියක් ඇති අතර, ඔවුන් සති අන්ත සහ නිවාඩු එහි ගත කරනවා. මෙහි වාතය ලෝකයේ පිරිසිදුම වාතය ඇති ස්ථාන අතර ඉහලින් වැජඹෙනවා.ජලය කෙතරම් පිරිසිදුද යත්, ඔබට ෆින්ලන්තයේ ඕනෑම ජලකරාමයකින් , ( වැසිකිලියක පවා ඇති ) බය නැ...